“ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තරුණ අපිත් පෙළගැසෙමු” යන මැයෙන් කරන ලද විවෘත ආරාධනයකට අනුව එක් වූ තරුණ එකමුතුවක් පසුගිය 25 වන දා මරදාන, සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වුණි.
එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තාරුණ්‍යය ඒකරාශී කරනු ලබන සංවිධානයක් ගොඩනැගීමට යෝජනා කෙරුණි. එම යෝජිත සංවිධානය “අලුත් පියාපත්” යනුවෙන් නම් කෙරුණු අතර “යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ තරුණ පෙළගැස්ම” යන්න එහි තේමාව ලෙස ගැනුණි.
මෙම අවස්ථාව සඳහා විවිධ වෘත්තිකයින් සහ තරුණ සංවිධාන රැසක නියෝජිතයින් සහභාගී වූහ.
කෙසේ වුවද නව සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා වන පළමු මාධ්‍ය සාකච්ඡාව එළැඹෙන 28 වන දා පෙරවරු 10.00 ට මරදාන, සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ දී (CSR) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
17

















