මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තොම්බර් 26වනදා නීතිවිරෝධී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් සිදුකළ කුමන්ත්‍රණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා පවත්වනු ලබන “ඒකාධිපති වියරුව පරදවන ප්‍රජාතන්ත්‍රවාදය දිනවන ජනතා රැලිය” නම් රැලි මාලාවේ තවත් රැලියක් හෙට (28) තංගල්ල නගරයේදී පැවැත්වේ.
ඒ අනුව එම රැලිය හෙට (28) පස්වරු 3.00ට ජවිපෙ නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලා කරුවන්, නීතීඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් තංගල්ල නගරයේදි පැවැත්වේ.
9











