රුසියානු දේශසීමා ප්‍රදේශ ඉලක්ක කරගනිමින් යුධ නීතිය පැනවීමට යුක්‍රේන පාර්ලිමේන්තුව තීරණය කර ඇත.
රුසියාව විසින් ක්‍රමියානු ප්‍රදේශයේ යුක්‍රේනයට අයත් නෞකා තුනක් අත්පත්කර ගැනීම සහ කාර්ය මණ්ඩලය රැඳවීම හේතුවෙන් යුක්‍රේනය මෙම තීරණය ගෙන ඇත.
යුක්‍රේන පාර්ලිමේන්තුවේදී අගමැති පෙට්‍රෝ පොරොෂෙන්කෝ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව යුධ නීතිය ක්‍රියාත්මක කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඒ මන්ත්‍රීවරුන් 276 දෙනෙකුගේ පක්ෂපාතීත්වයෙනි. විරුද්ධව ලැබුනේ ඡන්ද 30ක් පමණි.
ඒ අනුව අදාල ප්‍රදේශ සඳහා යුධ නීතිය හෙට(28) සිට දින 30ක් පුරා ක්‍රියාත්මක වේ.
අවසන්වරට යුක්‍රේනය සහ රැසියාව අතර නාවික ගැටුමක් ඇතිව තිබෙන්නේ 2014 වසරේ වන අතර ඒ යුක්‍රේනයට අයත්ව තිබූ ක්‍රයිමියා අර්ධද්වීපය රැසියාව විසින් ඈදා ගැනීමෙන් පසුය.
7










