අඟහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය සහ අභ්‍යන්තර සංයුතිය පිළිබඳ නිරවද්‍ය තොරතුරු ලබා ගැනීමේ අරමුණින් නාසා ආයතනය ගුවන්ගත කළ මාස් – ඉන්සයිට් රොබෝ ගවේෂකය ඉතා සාර්ථකව අඟහරු මත ගොඩබැස්සවීමට එම පරීක්ෂක කණ්ඩායම සමත් වී තිබේ.
මෙය මානව ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර පෘථිවියෙන් පිටත ග්‍රහලෝකයක් මේ ආකාරයේ අභ්‍යන්තර පරීක්ෂාවකට ලක්කරන පළමු අවස්ථාව මෙයයි.
කැලිෆෝනියාවේ පිහිටි නාසා පාලන මධ්‍යස්ථානයේ විද්‍යාඥ කණ්ඩායම මෙම ඵෙතිහාසික අවස්ථාව සැමරූ අතර ඇමරිකානු ජනාධිපතිවරයා ද දුරකථන ඇමතුවක් ලබා දී විද්‍යාඥ කණ්ඩායමට සුභ පැතූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ යානය අඟහරු මතට ගොඩබැස්සවූ අතර එය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ද නාසා ආයතනය කටයුතු යොදා තිබුණි.
4










