ජනාධිපතිවරයා විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් පත්කර පාර්ලිමේන්තුව විසිරුවාහැරීමෙන් පසු පැවැත්වූ පාර්ලිමේන්තු රැස්වීම්වල හැන්සාඩ්වාර්තා ප්‍රසිද්ධ නොකරන්නැයි කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
පසුගිය 14, 15, 16, 19, 21, සහ 23 වැනි දිනවල පැවති පාර්ලිමේන්තු රැස්වීම්වලට අදාල හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ නොකරන්නැයි මේ අනුව කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉල්ලා ඇත.
කෙසේ වෙතත් එම දිනයන්හි පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම්වලින් කුමන්ත්‍රණ ආණ්ඩුවට බහුතරය නොමැතිබව හෙලිවූ අතර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳවද සටහන්ව ඇත.
කුමන්ත්‍රණ ආණ්ඩුවේ මැති ඇමතිවරු නව දෙනෙකුගේ අත්සනින් මෙම ලිපිය කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමුකර ඇත. එහි වැඩිදුරටත් දැක්වෙනුයේ එම දිනයන්හි හැන්සාඩ් වර්තා ඔවුන්ට පිළිගත නොහැකි බවත් එය මහජනයාට ප්‍රසිද්ධකිරීම වලක්වන ලෙසත්ය.










