සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 81 දෙනෙකුට එරෙහි පෙත්සම ජනවාරි 24ට කල්යයි

සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 81 දෙනෙකුට එරෙහි පෙත්සම ජනවාරි 24ට කල්යයි

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ 81 දෙනෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොදෙන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනෙකු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජනවාරි මස 24 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) තීන්දුකර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි වැඩබලන ලේඛකාධිකාරී වෛද්‍ය චන්දන අතපත්තු, කුමන්ත්‍රණ ආණ්ඩුවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ, නීතිපතිවරයා සහ සයිටම් වෛද්‍ය උපාධිධාරීන් 81 දෙනා නම් කර ඇත.

පෙත්සමෙහි දක්වා ඇත්තේ සයිටම් වෛද්‍ය ආයතනය මගින් උපාධි ලබාගත් 81 දෙනෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම වලක්වා නියෝගයක් නිකුත්කරන ලෙසයි.

අගවිනිසුරු නලින් පෙරේරා , විජිත් මළල්ගොඩ සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවා තිබුණි. ඒ අනුව ජනවාරි 24 වනදා පෙත්සම යලි සලකාබලන බවත් වගඋත්තරකරුවන්ට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නොතීසි දන්වා යවන ලෙසටත් අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්