මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලද බවට ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය අහෝසිකරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද(27) ඉදිරිපත් වී තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂල හේරත් මහතා විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා නම් කර ඇත.
ජනාධිපතිවරයා ගෙන අති තීන්දු තීරණ ව්‍යවස්ථාවට පටහැනි බවත් එමඟින් රටේ ආර්ථික අර්බුධයක් නිර්මාණයවී ඇති බවත් පෙත්සමෙහි සඳහන් වේ. එසේම ජනාධිපතිවරයා ගෙන ඇති තීරණ පෙත්සම්කරුගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ කිරීමට හේතු වී ඇති බවත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ අභිමතානුසාරී බලය අඩුකර ඇති බවත් පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් වේ.
එම නිසා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද මෙම පෙත්සම් විභාගයට අවසර ලබා දෙන ලෙසද ,අදාළ ගැසට් නිවේදන අත්හිටුවන්නැයි නියෝග කරන ලෙසද , එම ගැසට් නිවේදන බලරහිත කරන ලෙසද , එම ගැසට් නිවේදනවලින් ප‍්‍රකාශිත කරුණු නීතිවිරෝධී බවට තීන්දු කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම් වලින් ඉල්ලා තිබේ.










