නීතිවිරෝධී ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරයි

නීතිවිරෝධී ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරයි

අද (27) පස්වරු 01.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ විය.

මේ වනවිට පාර්ලිමේන්තුව ආරම්භ වී ඇති අතර මන්ත්‍රීවරු විසින් පසුගිය දිනවල සිදු වූ කුමන්ත්‍රණය සහ පාර්ලිමේන්තුවේ ඇති වූ කලබලකාරී තත්වයන් සම්බන්ධයේන අදහස් දක්වමින් සිටිති.

කෙසේ නමුත් අද පාර්ලිමේන්තුවේ සභා වාරය සඳහා නීතිවිරෝධී ආණ්ඩුවේ කිසිවෙකුත් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. ඔවුන් පාර්ලිමේන්තුව අවර්ජනය කරන බව වාර්තාවේ.

නීවිරෝධී ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සභා ගර්භයට නොපැමිණියද ඔවුන්ගෙන් පිරිසක් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙක් කෑම ගනිමින් සිටින බවත් තවත් පිරිසක් පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය සාකච්ඡාවක් පවතිවමින් සිටින බවත් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරු මීට සුළු මොහොතකට පෙර සඳහන් කළහ.

Facebook
Twitter
LinkedIn