කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පාසල් සිසුන් ඇතුළු තරුණයක් 11 දෙනකු පැහැරගොන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් හට රැකවරණය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට පෙරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එදින අලුයම ඒ මහතා විදෙස් ගත වී තිබිණි.
වරෙන්තුකරුවකු වූ නේවි සම්පත් හට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබියදී ඔහු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි අධිකරණය අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමසීමා සිතිබණි.
අද්මිරාල් විජේගුණරත්න මහතාගේ නියෝග පරිදි පිරිසක් තමාට පහර දුන් බවට මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා පසුගිය ඉරිදා (25) කොටුව පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.










