මෙරට සිට නීති විරෝධී ලෙස ඉරානය වෙත රැගෙන යමින් සිටියදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 53,455ක මුදලක් වහාම නිදහස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝග කළ බව සඳහන් කරමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.අලී හසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සානුකම්පිතව සලකා බලා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 53,455ක මුදල අදාළ පුද්ගලයා වෙත ආපසු භාර දෙන මෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුව වෙත නියෝග කළ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස පත් කළ නීතිවිරෝධී ආණ්ඩුවේ අගමැතිවරයා ලෙසත් මුදල් හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙසක් කටයුතු කරමින් සිටියි.
කෙසේ නමුත් ඔහුගේ පත්වීම අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ විශ්වාසභංගවලින් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව මේ වනවිට රට තුළ අගමැතිවරයෙකු හෝ ඇමති මණ්ඩලයක් නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතාද ප්‍රකාශ ඇත.
එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පළ වේ.











