රේගුව රාජසන්තක කළ මුදල් රාජපක්ෂ නියෝගයෙන් නිදහස් කළා

රේගුව රාජසන්තක කළ මුදල් රාජපක්ෂ නියෝගයෙන් නිදහස් කළා

රටින් පිට කිරීමට උත්සාහ කිරීමේදි රාජසන්තක කළ ඩොලර් 53455ක මුදලක් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝග මත මුදාහැරිය බවත් රේගු පනතේ ප්‍රතිපාදන අනුව මුදල් අමාත්‍යවරයාට ඊට බලතල ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

රේගු පනතේ 164 වැනි වගන්තිය අනුව ඕනෑම කෙනෙකුට රාජසන්තක කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරිමට බලයක් ඇති බවත් මේ අනුව අදාළ පුද්ගලයා මුදල් අමාත්‍යවරයාට ඉතිරිපත් කර ඇති අභියාචනයක් මත පනදම්ව මෙම මුදල් නිදහස් කර ඇති බවත් සුනිල් ජයරත්න මහතා පවසයි.

සිය භාණ්ඩ රාජසන්ත කිරීමට එරෙහිව මුදල් අමාත්‍යරයාට අභියාචනා ඉදිරිපත් කිරිමට අමතරව එම පුද්ගලයාට අවශ්‍යනම් අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යොමුවිය හැකි බවද සුනිල් ජයරත්න මහතා අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්