විනිසුරුවරු, මහේස්ත්‍රාත්වරු 70කට ස්ථාන මාරු

විනිසුරුවරු, මහේස්ත්‍රාත්වරු 70කට ස්ථාන මාරු

දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 70ට අධිකරණ පිරිසකට ස්ථානමාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දි ඇති බව පැවසේ.

දිවයින පුරා ආවරණය වන පරිදි පවතින පුරප්පාඩුද සැලකිල්ලට ගනිමින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇතිබවත් අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි බවත් අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව දෙසැම්බර් මස 07 වන දිනට පෙර අභියචනා ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්