ඉන්ධන ප්‍රවාහන දුම්රිය වර්ජණයක

ඉන්ධන ප්‍රවාහන දුම්රිය වර්ජණයක

ඉන්ධන ප්‍රවාහන දුම්රියක රියදුරෝ අද (26) පස්වරු 04.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ ඉන්ධන ප්‍රවාහන දුම්රියක රියදුරෙකුට සහ රියදුරු සහයකවරයෙකුට කිසියම් පිරිසක් විසින් කොලොන්නාව ප්‍රදේශයේදී සිදු කර ඇති පහරදීමකට විරෝධය දක්වමිණි.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ රියදුරු සහ රියදුරු සහයකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම රියදුරු වර්ජනය හේතුවෙන් අද පස්වරු 04.00සිට කටුනායක ගුවන් තොටුපළ, බදුල්ල, ගාල්ල, අනුරාධපුරය සහ මඩකළපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ කිසිදු ඉන්ධන දුම්රියක් ධාවනය වී නැත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්