හිටපු NSB සභාපතිට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

හිටපු NSB සභාපතිට වසර 5ක අත්හිටවූ සිරදඬුවම්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර 5ක අත්හිටවූ සිරදඬුවමක් නියමකර තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් යොදවා අධි ප්‍රමාණ අගයකට ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදීගැනීම මගින් රජයට අලාභ කිරීම යන චෝදනාව යටතේ වරදකරුවීමෙන් ඔහුට මෙම සිර දඬුවම නියමකර තිබේ.

සිද්ධියට අදාල නඩුව අද(26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී වසර 5ක අත්හිටවූ සිරදඬුවමක් නියම කිරීමටත් රුපියල් ලක්ෂ 3ක දඩයක් පනවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්