ඩී.එස්ගේ වසන්තගෙන් තවත් පිනුමක්

ඩී.එස්ගේ වසන්තගෙන් තවත් පිනුමක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (26) පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය ට්වීටර් ගිණුමෙහි ඡායාරූපයක්ද සහිතව මේ බව සඳහන් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා නීති විරෝධී ලෙස පත් කළ අමාත්‍ය මණ්ඩලයේ ඇමති ධුරයක්ද ලබා ගත් වසන්ත සේනානායක මහතා පසුගිය 14වනදා පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසභංගය අවස්ථාවේදී යළි එක්සත් ජාතික පක්ෂයට එක්විය. කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ඔහු යළි නීති විරෝධී කැබිනට් මණ්ඩලයේ අසුන් ගත් අතර අද යළි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වී තිබේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම පසුගිය දිනවල මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ වසන්ත සේනානායක මහතා යළි එක්සත් ජාතික පක්ෂය සමග එක් වුවහොත් තමන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව යන බවයි.

වසන්ත සේනානායක මහ එක්සත් ජාතික පක්ෂ සමාරම්භක නායකයෙකු වන ඩී.එස්. සේනානායක මහතාගේ මුණුබුරෙකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්