පාර්ලිමේන්තුව හෙට රැස්වේ

පාර්ලිමේන්තුව හෙට රැස්වේ

පාර්ලිමේන්තුව හෙට(27) පස්වරු 1.00ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය සිකුරාදා(23) දින පාර්ලිමේන්තුවේ දී කුමන්ත්‍රණ ආණ්ඩුවේ මන්ත්‍රීවරු විසින් කතානායකවරයාට චෝදනාකරමින් පාර්ලිමේන්තු සභාගැබෙන් ඉවත්ව ගියේය. ඒ තේරීම් කාරක සභවේ බහුතර බලය තමන්ට ලබාදිය යුතු බවට ඔවුන් කළ ඉල්ලීම කතානායකවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව අවස්ථා කිහිපයකදීම තහවුරු වුවද එම ආණ්ඩුවේ කුමන්ත්‍රණ අගමැතිවරයා සහ මන්ත්‍රීවරු දිගින් දිගටම පවසා සිටියේ තේරීම් කාරක සභාවේ බහුතරය තමන්ට හිමිවිය යුතු බවය.

නමුත් කතානායකවරයා විසින් එක්සත් ජාතික පෙරමුණට සහ කුමන්ත්‍රණ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයට සමාන නියෝජිතයින් ගණනක් නම් කිරීම හේතුවෙන් ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් හෙට දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය පවත්වන අතරතුර මහජන ගැලරිය සහ කතානායක විශේෂ ආරාධිත ගැලරිය ආරාධිතයින් සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්