පැවති ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු ඉලක්ක කර ගනිමින් සිදුකල සිල් රෙදි බෙදාදීම සම්බන්ධ නඩුවේ වරදකරුවන් වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා වලට අදාළ ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (26) පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියම කර ඇත.
සිද්ධියට අදාලව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතාගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(26) කැඳවා තිබුණි.
පැවති ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු ඉලක්ක කර ගනිමින් දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම හරහා රුපියල් 650ක මුදලක් රජයට පාඩු කර ඇතැයි ලලිත් වීරතුංග මහතාට හා අනූෂ පැල්පිය මහතාට කොළඹ මහාධිකරණය මගින් වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩ මුදලක් නියම කළේය.
එම දඩුවම් නියම කිරීම නීති විරෝධී බවත් එබැවින් තමන් නිදොස්කොට නිදහස් කරන ලෙසත් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට අභියාචන පෙත්සමක් ගොනුකර තිබේ.
කෙසේ වෙතත් අභියාචනාධිකරණය ඉදිරිපත් කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් ඔවුන්ගේ ලිඛිත දේශන ජනවාරි මස 03 වැනි දාට පෙර හෝ එදිනටද ලිඛිත දේශන ජනවාරි 17 දාට පෙර හෝ එදිනට ඉදිරිපත් කරන මෙන් ද අභියාචනාධිකරණය දෙපාර්ශවයටම නියම කළේය.










