මේ වනවිට වෙළඳපළේ උඩරට සහ පහතරට එළවළුවල මිළ ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මට්ටමකට ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
මේ වනවිට බොහෝ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ශාපතනය හේතුවෙන් එළවළු වගාවන් විනාශවීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් ගොවියන් පවසන්නේ වෙළඳ පොළේ එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති ප්‍රමාණයට සාපේක්ෂව තම අස්වැන්නට මිලක් නොලැබෙන බවය.
බොහෝ ගෙවීන් තම අස්වැන්න විනාශ විම සම්බන්ධයෙන් මැසිවිලි නගති.
මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ වර්ෂාව ඇතුළු ස්වාභාවික උවදුරු හේතුවෙන් අස්වැන්න පාලුවූ ගොවීන්ට කඩිනමින් වන්දි ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වගබලා ගත යුතු බවය.
9










