ජවිපෙ තීරනාත්මක ඡන්දයෙන් මහින්දගේ අයවැය සීතාවකින් පරාදයි

ජවිපෙ තීරනාත්මක ඡන්දයෙන් මහින්දගේ අයවැය සීතාවකින් පරාදයි

මහින්ද පිල හා එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවාගෙන තිබෙන සීතාවක නගර සභාවට 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්වී ඇත. එයට පක්ෂව ඡන්ද 11ද විරුද්ධව ඡන්ද 12ක්ද ලැබී ඇත.

වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂය බලය හොබවනු ලැබූ එම නගර සභාව සඳහා මෙවර සභාපති මහින්ද පිලෙනුත් උප සභාපති එක්සත් ජාතික පක්ෂයෙනුත් තෝරාගෙන සභාගයක් ලෙස කටයුතු කර තිබේ.

කෙසේ නමුත් එම නගර සභාව සඳහා 2019 වසරට ඉදිරිපත් කර තිබූ අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාත් ඡන්දය ලබා දී ඇත.

සභාපතිවරයා සෙසු මන්ත්‍රීවරුන්ගේ හඬට කන් නොදී මහින්ද පාර්ෂවයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සමග පමණක් කටයුතු කරන බවටද නගරයේ අත්‍යාව්‍ය සනීපාරක්ෂක කටයුතු පවා අඩාල වී ඇතැයිද සෙසු මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම නගර වාසීන්ගෙන් සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

සීතාවක නගර සභාවේ මහින්ද පිලට මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මන්ත්‍රී ධුර 11ක්ද එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 11ක්ද හිමිව තිබෙන අතර ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇත.

මෙම අයවැය පරාජය වීමට ජවිපෙ මන්ත්‍රීවරයාගේ ඡන්දය තීරාන්තමක වී තිබේ.

මෙහි අයවැය ජරාජය වීමේ ප්‍රවෘත්තිය පැතිර යාමත් සමග සීතාවක නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිඝෝෂා නැගූ බවද වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී පී.ඒ. ශර්ලි ප්‍රයිඩස් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම අයවැය නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන නගර සභාවට වරිපනම් බදු ගෙවන ජනතාවට සාධාරණය ඉටුවන අයවැයක් නොවන බැවින් ඊට එරෙහිව ඡන්දය ලබාදුන් බවයි.

Facebook
Twitter
LinkedIn