තෙල් මිලට එරෙහි ප්‍රංශ විරෝධතා තවදුරටත්

තෙල් මිලට එරෙහි ප්‍රංශ විරෝධතා තවදුරටත්

ඉහළයන ඉන්ධන මිලට එරෙහිව ප්‍රංශයේ අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් පවතී.

ඉන්ධන මිල ඉහළයාමට එරෙහිව සිදුකරන විරෝධතා මාලාවේ තවත් පියවරක් ඊයේ පැරිස් නගරයේ දී පැවැත්විණි. පැරීසියේ සුප්‍රකට ෂාම්ප්ස් – එලිසී වීථිය ඔස්සේ ඉදිරියට ඇදුනු විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවී තිබේ.

ඩීසල් ඇතුළු ඉන්ධන මිල ඉහළයාම ප්‍රංශයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන වියදම ඉහළයාමට බලපා ඇති බවත් දෛනික ජීවිතය අඩාල වී ඇති බවත් විරෝධතාකරුවෝ පවසති.

කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මෙම විරෝධතා දැඩිව හෙලා දැක ඇති අතර ඔහු එම විරෝධතා ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සළකා කටයුතු කරයි. එසේම ප්‍රංශය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් පසුගිය දිනවල පැවති විරෝධතා සඳහා ලක්ෂයක පමණ ජන සහභාගීත්වයක් තිබී ඇත.

ඊයේ දිනයේ දී පමණක් ප්‍රංශය පුරා විරෝධතා රැලි 1600ක් පමණ පවත්වා ඇති අතර ඒවා බොහෝමයක් සාමකාමී ස්වභාවයක් ගෙන තිබුණි. පැරිස් නුවර පැවති විරෝධතාව සඳහා 8000කට අධික ජන සහභාගීත්වයක් තිබී ඇති අතර එය කළහකාරී ස්වභාවයක් ගත් බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn