තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇය මෙම තීරනය ගෙන ඇත්තේ පැවති ප්‍රාදේශීය මැතිවරණයකින් සිය පක්ෂය පරාජය ලැබීමෙන් අනතුරුවය.
තායිවාන ජනාධිපතිනී සායි ඉන් වෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කළ අතර එය පූර්ණ වශයෙන් ස්වාධීනත්වයක් අපේක්ෂා කරමින් කටයුතු කළේය. 2016 වසරේ සායි ඉන් වෙන් බලයට පත්වීමෙන් පසු තායිවානය හා චීනය අතර සබඳතා දැඩි ලෙස පළුදු වෙමින් පැවතුණ අතර චීනය තවදුරටත් තායිවානය සිය රටට අයත් ප්‍රාන්තයක් ලෙස සළකන බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.
මෙවර මැතිවරණයේ දී ඇය නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය 2014 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නගර සහ පරිපාලන ඒකක 13න් අඩක් පරාජයට පත්විය. මෙම මැතිවරණය මැද කාලීන ජනමත විචාරණයක් වන අතර එහි ප්‍රතිඵල පාලක පක්ෂයට විශාල බලපෑමක් ඇති කළේය.
11










