කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැගවී සිටීමට ආධාර අනුබල ලබා දීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඉදිරිපිටදීම ඔහුගේ සහචරයන් පිරිසක් විසින් මීට සුළු මොහොතකට පෙර පහර දී තිබේ.
මේ වනවිට ඔහු මේ සම්බන්ධයෙන් කොළඹ – කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සිටින බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ සහචරයින් විසින් මීට සුළු මොහොතකට පෙර නාවික හමුදා මූලස්ථානයේදී ඉතාමත් අමාණුෂික ලෙස ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතා වටකරගෙන පහරදී ඇත.
එසේ පහරදීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුනරත්න මහතා එම සහචරයන්ට විවිද අණකිරීම් සිදු ඇති බවත් වාර්තා වේ.
නාවික හමුදා මූලස්ථානයේ භෝජනාගාරයේදී බහින්බස්වීමක් සිදු වූ බවත් ඒ හැර වෙනත් ගැටුම්ක් ඇති නොවුනු බවටත් පවසමින් මෙම සිදුවීම යට ගැසීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින බද මේ වනවිට වාර්තා වේ.










