මහින්ද පිල විසින් ගනු ලබන තීරණ ගැන ප‍්‍රකාශ කළ හැක්කේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්‍ෂ, ජී.ඇල් පීරීස් හෝ බැසිල්ට පමණක් බවත් මෛත්‍රීපාල සිරිසේන සමග සිට දින 13කට පෙර මහින්ද පිලේ සාමාජිකත්වය ගත් ලක්‍ෂමන් යාපාට නොවන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා අද (25) ප්‍රකාශ කර තිබේ.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී තව දුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.රංජිත් සොයිසා මහතා මෙසේද ප්‍රකාශ කර ඇත.
“ළඟදි එකතු වෙච්ච සමහර මන්ත‍්‍රීවරු කරන ප‍්‍රකාශවල වගකීම පෞද්ගලිකවම ඒ අය දරාගත යුතු මිසක් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හෝ අප එහි වගකීම බාරගන්නේ නැහැ.
හත්වෙනිදාට දෙන තීන්දුවත් සමග දේශපාලන කටයුතු සංවිධානය කරනවා. ඉතාම නිර්ලජ්ජිත ආකාරයට කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව හසුරුවන තාක්කල් පාර්ලිමේන්තුවේ කිසිදු රැස්වීමකට සහභාගි නොවීමට අපි ගත් තීන්දුව එසේම අපි ක‍්‍රියාත්මක කරනවා.”
මූලාශ ලංකාදීප










