බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කොන්දේසි ඇතුළත් බ්‍රික්සිට් ගිවිසුමට යුරෝපා සංගම් නායකයන්ගේ අනුමැතිය හිමිව තිබේ.
එම ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන්, බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, යුරෝපා කොමිසමේ සභාපති ජෝන් ක්ලෝඩ් ජුන්කර් බ්‍රසල්ස් නුවරට පැමිණ සිටියහ.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමට තීරණය කළේ 2016 වසරේ ජූනි 23 වැනිදා පැවති ජනමත විචාරණයකින් අනතුරුවය. ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැදී නොසිටිය යුතු බවට තීරණය විය.
කෙසේ වෙතත් යුරෝපා සංගමයෙන් වෙන් වුවද බ්‍රිතාන්‍ය සමඟ පවත්වන මිත්‍ර සබඳතා එලෙසම පවතිනු ඇතැයි යුරෝපා සංගම් නියෝජිතයින් කියා සිටියේය.
අනුමැතිය ලැබීමෙන් අනතුරුව දෙපාර්ශවය නිල වශයෙන් වෙන් වීම ස්ථිර වන අතර එය ලබන වසරේ මාර්තු 29 දා සිදුවනු ඇත.
2










