තම ජීවිත කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ අද(25) පස්වරුවේ විදේශීය මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන් අමතමිනි.
එසේම ජනාධිපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා තමා ඉදිරියට රැගෙන නොඑන බවයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉතා දූෂිතයෙකු වූ බැවින් එම තනතුරින් ඉවත් කළ බවත් තමා සමඟ වැඩ කිරීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බැවින් එක්සත් ජාතික පක්ෂයට බහුතරය ඇත්නම් වෙනත් අයෙකු රැගෙන පැමිණිය හැකි යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ.
මේ අනුව පසුගිය 26 වැනිදා ජනාධිපතිවරයා විසින් නම් කළ අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ජනාධිපතිවරයාට හැඟි ගොස් ඇතැයි ද එම මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරෙනු ඇති බවද වාර්තා වේ.










