අහෝසි කරන ලද මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචිය ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉල්ලුම්පත් යොමුකර තිබේ.
මීට පෙර සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ සිසුවියකට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත්කර සිටි අතර ඒ අනුව යමින් තවත් සිසුන් 80 දෙනෙකු මෙලස අයදුම්පත් යොමුකර තිබේ.
එම සිසුන් ප්‍රකාශ කර සිටින්නේ තම උපාධියම සම්පූර්ණ කළ එක් සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්නේ නම් අනෙක් 80 දෙනාට ද අනිවාර්යෙන්ම ලියාපදිංචිය හිමිවිය යුතු බවයි.
2










