පොලිස් ලොක්කන්ට ජනාධිපතිගෙන් හදිසි කැඳවීමක්

පොලිස් ලොක්කන්ට ජනාධිපතිගෙන් හදිසි කැඳවීමක්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරු හෙට (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝබර් 26වනදා ක්‍රියාත්මක කළ අසාර්ථක දේශපාලන කුමන්ත්‍රණය නිසා මේ වනවිට රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වී ඇති අතර එවැනි තත්වයක් තුළ මෙලෙස උසස් පොලිස් නිලධාරීන්ව ජනාධිපතිවරයා විසින් හදිසියේම කැඳවීම පිළිබඳව රටම අවධාණයෙන් පසුවේ.

Facebook
Twitter
LinkedIn