පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ අවදානමක්

පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ අවදානමක්

රටේ ජනාධිපතිවරයාද සෘජුවම මැදිහත්වී ඔක්තෝබර් 26වනදා සිදු කළ කුමන්ත්‍රණය සහ ඒ හා සමගාමීව සිදුවන ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකිරීම ඇතුළු කරුණු රැසක් සමාලෝචනය කිරීමෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ අවදානමක් මතු වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන්ක රයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ජනාධිපතිවරයා අමතා මේ බව ප්‍රකාශ කර ඇති බවත් ඊට පිලිතුරු වශයෙන් ජනාධිපතිවරයා කඩිනමින් මේ ගැටළුව විසදන බවට පොරොන්දු වී ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

මීට පෙර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටළුමතු වූ අවස්ථාව්වලදී පකිස්තානයේ සහ දකුනු අප්‍රිකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වයෙන් තාවකාලිකව අත් හිටුවන ලදි.

විශේෂයෙන් 1995 වර්ශයෙන් පසු ෆිජි, නයිජීරියා, පාකිස්තාන්, සිම්බාබ්වේ ආදී රටවල සාමාජිකත්වය අත් හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ඇමති ක්‍රියාකාරී කමිටුව මගිණි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවූෆ් හකීම් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ අතීත ක්‍රියාකාරකම් හොඳින්ම දන්වා බැවින් නැවත ඔහු බලයට පැමීණේ යැයි සුළු ජනතාව භීතියට පත්ව ඇති බවත් දිගන සිද්ධියට වගකිව යුත්තන් නිදහස් වූ ආකාරය හොඳාකාරවම දන්නා බවත් ය.

මහින්ද රාජපක්ෂ වැනි දුෂ්ඨ පාලකයෙකු සමග යළි කිසි දිනෙක් එක නොවන බවද රව්ෆ් හකීම් මහතා සිය ට්වීටර් සටහනේ වැඩිදුරටත් සටහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn