මහා විරු දිනය සැමරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබියදීත් එවැනි අවසරයක් ලබා දී නැතැයි පවසමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ පසුගිය අවුරුදු 04කට ආසන්න කාලය පුරාම ජාතිවාදය අවුස්සමින් තම දේශපාලන ව්‍යාපාරය ගෙන ගිය මහින්ද රාජපක්ෂ ප්‍රමුක කණ්ඩායම ජනාධිපතිවරයා සමග එක්ව කුමන්ත්‍රණකාරී ලෙස රටේ බලය ඩැහැගැනීමෙන් පසුවද පැවති කාලයේ මෙන්ම උතුරේ ජනතාව යුද්ධයෙන් මිය ගිය තම ඥාතීන් සිහිකිරීමේ සැමරුම් උත්සව පවත්වන නමුත් වත්මන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම එයට ඉඩ දුන්නේ යැයි මතයක් රට තුළ ගොඩනැගී සිය සිංහල බෞද්ධ ඡන්ද පදනම ගිළිහේ යැයි බියෙන් මෙවැනි නිවේදනයක් නිකු කර ඇති බවයි.
මහා විරු දිනය සැමරීම රට තුළ නීති විරෝධීක්‍රියාවක් නොවන බව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) ලබාදුන් නියෝගය අනුව පැහැදිලි වේ.











