මෛත්‍රී, මහින්ද, රනිල් තිදෙනාගේම කෙරුවාව හෙළි කරමින් අනුර දිසානායක පාර්ලිමේන්තුවේ කළ කතාව මෙන්න…

මෛත්‍රී, මහින්ද, රනිල් තිදෙනාගේම කෙරුවාව හෙළි කරමින් අනුර දිසානායක පාර්ලිමේන්තුවේ කළ කතාව මෙන්න…

ජනතා දේපළ විනාශ කළ, හොරකම් කළ එමෙන්ම රාජ්‍ය බලය උපයෝගී කරගෙන අපාරධ සිදු කළ රාජපක්ෂ පාලනයේ චූදියවන්ව මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින් ආරක්ෂා කළ ආකාරයත් එමෙන්ම මෛත්‍රී – රනිල් ආණ්ඩුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාවෙන් වැනි මහා පරිමාන ලෙස ජනතා මුදල් වංචා කළ ආකාරයත් ජනතා මුදල් අයතා ලෙස යොදා ගනිමින් රාජ්‍ය දේපළ නාස්ති කරමින් කටයුතු කළ ආකාරයත් හෙළි දරව් කරමින් අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අද පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ විවාදය අරම්භ කරමින් අනුර දිසානායක මහතා මෙම ප්‍රකාශය සිදු කළේ ය.

පසුගිය ඔක්තෝබර් 26 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමේ කුමන්ත්‍රණයේ සිට නීති විරෝධී කැබිනට් මණ්ඩලයක් පවත්වාගෙන යාම දක්වා සිදු වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවලියද දැඩිව විවේචනයට ලක් කළේ ය.

අනුර දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය විවේචනය කරන අතරතුරු එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රීවරු අනුර දිසානායක මහතාට සහාය දක්වමින් ප්‍රතිචාර දැක්වීමට විශේෂ සිදුවීමකි.

අනුර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයට සමාජජාලාවල වැඩි ඉඩක් වෙන්වී තිබෙන අතර මුහුණු පොතේ බොහෝ පිටුවලින් එය සජීවීව විකාශය කිරීමටද කටයුතු කර තිබීම විශේෂත්වයකි.

එම කතාව සම්පූර්ණයෙන් පහතින් නැරඹිය හැක.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්