බැංකු ණය කරුවන්ට මහින්දගෙන් මර උගුලක්

බැංකු ණය කරුවන්ට මහින්දගෙන් මර උගුලක්

කුමන්ත්‍රණ පාලනයේ නීතිවිරෝධී කැබිනට් මණ්ඩලයේ මුදල් හා ආර්ථික කටයුතු ඇමති ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ විසින් පසුගිය 20 වැනිදා නීති විරෝධී ඇමති මණ්ඩලයට ඉදිරපත් කළ බව කියන කැබිනට් සන්දේශයක් මගින් බැංකු ණය ගෙන සිටින විශාල ජනතාවක් හිර කිරීමට සූදානම් වන බව තහවුරු වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුව විසින් “කැබිනට් තීරණ” යනුවෙන් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයෙන් මෙම තොරතුරු හෙළි වේ. 1992 අංක 2 දරන ‘ණය ආපසු අය කර ගැනීම සුරක්ෂිත කර ගැනීම’ යනුවෙන් හඳුන්වා විවිධ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. රටේ මූළු මූල්‍ය පද්ධතියම ආවරණය වන පරිදි ණය ආපසු අය කර ගැනීම සඳහා බව කියමින්, ණයකරුවන්වී සිටින ජනතාවට මර උගුලක් ඇටවිමට යයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය මඟින් ඒ ගැන මෙසේ සඳහන් කෙරේ. “එසේ වුවද. එම පනත මඟින් එවකට පැවති ණය දෙන ආයතන පමණක් ආවරණය කරනු ලැබ ඇති බැවින්, ඉන් පසු පිහිටුවන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකු මෙම පනතෙහි කාර්යයන් සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සැලසීම” යනුවෙනි.

දේශපාලන කුමන්ත්‍රණය නිසා මූල්‍ය පද්ධතිය අස්ථාවර වීමට තිබෙන ඉඩකඩ අහුරාලීම සඳහා සාමාන්‍ය ජනතාව තිබෙන ණය අය කර ගනිමින්, ස්ථාවරත්වය රැකගැනීමේ උපායක් දියත් කිරීම මෙහි අරමුණ බව අවධාරණය වේ.

ඉන්ද්‍රසිරි ජයසුන්ද – ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්