තේරීම් කාරක සභාවට නියෝජිතයන් නම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් මෛත්‍රී – මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැඩි විවේචනයක් එල්ල කළ අතර එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් යෝජනා කර සිටියේ එම කරුණ සම්බන්ධයෙන් සභාවේ ඡන්ද විමසීමකට යා යුතු බවය.
ඒ අනුව අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කළ අතර එසේ තීරණය කිරීමත් සමග මෛත්‍රී – මහින්ද පිලේ මන්ත්‍රීවරු ඡන්ද විමසීමකට විරෝධය දක්වා පාර්ලිමේන්තුවෙන් පිටව ගියේය. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා මෙසේ ඡන්ද විමසීමකට විරෝධය දැක්වූ අතර කතානායකවරයාගේ ක්‍රියාකලාපයද ඔහු දැඩිව විවේචනය කළේය.
කෙසේ නමුත් අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ කතානායකවරයා මෙතෙක් අනුගමනය කර ඇති ක්‍රියාකලාපය වැරදිනම් කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන ලසෙය.
එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති ඊනියා ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් පිටව ගියේය.
කෙසේ නමුත් මේ වනවිට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඉලෙක්ට්‍රික් ක්‍රමයට පැවැත්වෙමන් තිබේ.










