අද (23) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඒ සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි.
පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන් වාහන හා රැගෙන එනු ලබන භාණ්ඩ හා ගමන් මලු හෙට දිනයේත් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.
ආරක්ෂක හේතුන් මත මැතිසබයේ කතානායක ගැලරිය හා මහජන ගැලරිය අද දිනයේද වසා තැබෙන බව මීට පෙර පාර්ලිමේන්තු නිලධාරීහු නිවේදන කළහ.
පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්ද යොදවනු ලැබ ඇතැයි පවසන පොලිසිය, පාර්ලිමේන්තුවට අද දිනයේ පැමිණිය හැක්කේ මාධ්‍යවේදීන්ට පමණක් බවද සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මේ දිනවල දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන බව පාර්ලිමේන්තු පොලිසිය පවසයි.
4










