පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවල මුලු ලංකාවේම සහ විදේශයන්ගේ අවධානය පාර්ලිමේන්තුව වෙත යොමුවී තිබිණි. එහෙත් එම පාර්ලිමේන්තු රැස්වීම්වලට දුමින්ද දිසානායක මහතා සහභාගී වී නැත. ඊට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක්ම එම දින හතරෙන් එකක් හෝ ඊට වැඩි දින ගණනක් සහභාගී වී නැත.
ඔක්තෝබර් 26 වැනි දා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමේ කුමන්ත්‍රණයෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වූයේ පසුගිය 14 වැනි දාය.
පාර්ලිමේන්තුවේ බොහෝ කලබගෑනි සිදුවූ මෙම දින හතරේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සභා වාරයට සහභාගී වී නැත. දින හතරේම පාර්ලිමේන්තුවට නොපැමිණි එකම මන්ත්‍රීවරයා ඔහුය.
මීට වසර හතරකට පෙර 2014 නොවැම්බර් මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පැමිණි දිනයේම දුමින්ද දිසානායක මහතාද ඔහු එවකට දරමින් සිටි අමාත්‍ය ධුරයෙන්ද ඉවත් වී පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට එක් විය.
ඉන් අනතුරුව පිහිටවූ යහපාලන ආණ්ඩුවේ අමැතිවරයකු වූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධුරය යටතේත් පසුගිය දා කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නද මේ වන තෙක් ඔහු එම අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමට හෝ ගොස් නැත.
එමෙන්ම විජයදාස රාජපක්ෂ , දිළුම් අමුණුගම සහ වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන් පසුගිය දින හතරෙන් පාර්ලිමේන්තුවට සහභාගී වී ඇත්තේ එක් දිනයක දී පමණි. විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පසුගිය 14 වැනි දා පමණි. දිලුම් අමුණුගම මහතා පැමිණ ඇත්තේ නොවැම්බර 15 වැනි දා පමණි. කතානායක මේසය මත ඇති යමක් කැඩීමට ගොස් ඔහුගේ අත තුවාල වූයේ එදිනය. වසන්ත සේනානායක මහතාද පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ 14 වැනි දා පමණි.
පසුගිය දිනවල පාර්ලිමේන්තු නොපැමිණි මන්ත්‍රීවරුන් මෙසේය.
නොවැම්බර් 14 වැනි දා
අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා, පා.ම.
දිළුම් අමුණුගම මහතා, පා.ම.
දුමින්ද දිසානායක මහතා, පා.ම.
නොවැම්බර 15 වැනි දා
ආරුමුගන් තොණ්ඩමන් මහතා, පා.ම.
දුමින්ද දිසානායක මහතා, පා.ම.
වසන්ත සේනානායක මහතා, පා.ම.
විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
නොවැම්බර් 16 වැනි දා
ජයන්ත සමරවීර මහතා, පා.ම.
දිළුම් අමුණුගම මහතා, පා.ම.
දුමින්ද දිසානායක මහතා, පා.ම.
පියල් නිශාන්ත ද සිල්වා මහතා, පා.ම.
මුත්තු සිවලිංගම් මහතා, පා.ම.
වසන්ත සේනානායක මහතා, පා.ම.
විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
නොවැම්බර් 19 වැනි දා
අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතා, පා.ම.
තිලංග සුමතිපාල මහතා, පා.ම.
දයාසිරි ජයසේකර මහතා, පා.ම.
දිළුම් අමුණුගම මහතා, පා.ම.
දුමින්ද දිසානායක මහතා, පා.ම.
ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.
වසන්ත සේනානායක මහතා, පා.ම.
විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
මූලාශ්‍ර ලංකාදීප










