මන්නාරම සතොස තොග වෙළඳසැල අසලින් හමු වූ සමූහ මිනී වළෙන් මේ වනවිට මිනිස් ඇට සැකිලි 207ක් හමු වී තිබේ.
ඉන් ඇටසැකිලි 199ක් එම සමූහ මිනී වළෙන් ගොඩගෙන පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි.
අදාළ සමූහ මිනී වළේ කැනීම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා මන්නාරම දිසා විනිසුරු ආර්. ස්වර්ණරාජා මහතා ඇතුළු පිරිසක් ඊයේ (29) පැමිණ තිබේ.
දැනට හමුවී ඇති මිනිස් ඇටසැකිලි අතර කාන්තා, පිරිමි සහ ළමුන්ගේද ඇටසැකිලි වන බව අනාවරණය වී තිබේ.
මන්නාරම ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැනීම් කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර වර්ෂාවෙන් එම ස්ථානය ආරක්ෂා කිරීම සඳහා කූඩාරම් ඉදි කිරීමටද පියවර ගෙන ඇත.
ලංකාදීප
2










