ජනතාවාදී පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළ ගස්වන ජාතික විද්වත් සංවිධානය මේ දිනවල දිස්ත්‍රික් සමුළු පවත්වමින් තිබෙන අතර පසුගියදා අම්පාර, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලදී එම සමුළු පැවැත්විණි.
ජාතික විද්වත් සංවිධානයේ දිස්ත්‍රික් සමුළු සඳහා මේ වනවිට විශාල ජනතා ප්‍රසාදයක් ලැබෙමින් තිබෙන අතර පසුගිය 25 වනදා පැවති අම්පාර දිස්ත්‍රික් සමුළුව සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්, නීතීඥ ආර්.ජී කුලරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන මහත්වරු එක්වී සිටියහ.
එමෙන්ම පසුගිය 27 වනදා මාතර දිස්ත්‍රික් සමුළුව පැවති අතර ඒ සඳහා කන්දබඩපත්තුව ඇතුළු මාතර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පූජ්‍ය හඳුගල රතනපාල නාහිමියෝ, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය ආනන්ද රුහුණුහේවා, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය ක්ලිෆඩ් පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරු එක්වී සිටියහ.
එමෙන්ම පසුගිය 28 වනදා පැවති මහනුවර දිස්ත්‍රික් සමුළුව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ලියනගේ අමරකීර්ති, හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වල, මහනුවර දිස්ත්‍රික් හිටපු ආදායම් කොමසාරිස් නිමල් වික්‍රමසිංහ, ප්‍රවීණ විත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක යන මහත්වරු එක්වී සිටියහ.
කාලයෙන් කාලයට විවිධ පුද්ගලයන් රටේ පාලනය බලය ලබා ගත්තද රට ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙලක් පසුගිය වසර 70 තුළම ක්‍රියාත්මක නොවීම මත මේ වනවිට රට ගමන් කරමින් තිබෙව අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් මෙම සියළුම කථිකයන් අවධාරණය කළහ. ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළ රට ගොඩනැගිය හැකි වැඩ පිළිවෙල නොදුරේදීම රටට ඉදිරිපත් කරන බවත් මේ වනවිට රට පුරා යමින් ජනතා අදහස් ලබාගනිමින් සිටින බවද එහිදී සඳහන් කරන ලදී.
මේ වනවිට රට තුළ උද්ගතව ඇති රනිල්, මෛත්‍රී, මහින්ද බල පොරය විසින් කියාපාන්නේ රටේ විද්වතුන් ලෙස මේ ආරම්භ කළ වැඩපිළිවෙල තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයායුතු බවත් මින් එපිට විකල්පයක් ඉදිරියේදී නොඑන බවත් මෙම සමුළු ආමන්ත්‍රණය කළ කථිකයන් සඳහන් කරන ලදී.
මාතර
මහනුවර


























