පවතින දේශපාලන වාතාවරණය හමුවේ යුද හමුදාව මධ්‍යස්ථ තැනක

පවතින දේශපාලන වාතාවරණය හමුවේ යුද හමුදාව මධ්‍යස්ථ තැනක

රටේ පවතින තත්ත්වය දේශපාලන වෙනස් වීමක් බැවින් විනයගරුක හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත්ම ඊට මැදිහත් වියයුතු නැති බව ඉහළම හමුදා නිලධාරීන්ගේ මතය වී තිබේ.

මෙවන් පණිවුඩයක් ඉහළම මට්ටමේ හමුදා නිලධාරීන් අතර හුවමරු වූ බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් හරහා ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට තමන්ගේ වගකීමක් බවත් කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවවොත් ශ්‍රී ලංකා වාසින් හා දේපල ආරක්ෂා කිරිමට තමන් බැඳී සිටින බවත් එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ⁣වන බවද වාර්තාවේ.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්