ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබද විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරුදැනුවත් කිරීමේ හමුවක් ජනාධිපතිවරයා විසින් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.
නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට ගත් තීරණයට හේතු වූ ඉකුත් ආණ්ඩුවේ පැවති ගැටලු සහගත තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් දැනුවත් කර තිබේ.
කෙසේ නමුත් මෙහිදී විදෙස් තානාපතිවරු අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතු බව ඔවුන් අපේක්ෂා කරන බවයි.
එයට ප්‍රතිචාර දක්වමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් කටයුතු කරන්නේ ව්‍යවස්ථානු කූළව බවයි.
ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු මෙම හමුවට එක්ව සිට ඇති අතර සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද ඊට එක්වි සිට ඇත.












