සුපුරුදු හොරු කල්ලිය නැවතත් මහින්ද වටකරගෙන :- VIDEO

සුපුරුදු හොරු කල්ලිය නැවතත් මහින්ද වටකරගෙන :- VIDEO

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ සුපුරුදු හොරු කල්ලිය වටකරගෙන යැයි කළුතර දිස්ත්‍රීක් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පසුගිය 28 වනදා කළුතරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

“ඊයේ නව අග්‍රාමාත්‍ය තුමා එතුමගේ නිල නිවසට අපේ මන්ත්‍රී කණ්ඩායම කැඳවලා තිබුනා. අපිත් ඉතින් බොහොම අමාරුවෙන් අර ගේට්ටුවෙන් ඇතුළු වුනා. අපි ඒ යන අතරතුර සහ රැස්වීම ඉවරවෙලා එන අතරතුර දැක්කේ නැවත වතාවක් අර පට්ට හොරුන් එකතුවෙලා ඉන්නවා. මෙතෙන්ට ඇවිල්ල මේව අරක්ගන්න ලෑස්ති වෙනවා. ආත්ම ශක්තියක් නැති, ප්‍රතිපත්තියක ඉන්න බැරි කණ්ඩායමුත් ඒ අතර හිටියා. දේශපාලන අනාතයින්ට සහ දේශපාලන අපතයින්ට මේ ජනතා ජයග්‍රහනය පාවා දෙන්නට හොඳ නැහැ.” යැයිද ඒ මහතා එහිදී සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්