රට අර්බුදයකට පත් නොකොට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව කැදවන්න

රට අර්බුදයකට පත් නොකොට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව කැදවන්න

රට අර්බුදයකට පත් නොකොට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් නොපමාව පාර්ලිමේන්තුව කැදවන ලෙස කථානායක කරූ ජයසුරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම යන මැයෙන් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 දෙනෙකුට වැඩි පිරිසක් නියෝජනය කරමින් තම වරප්‍රසාද සහ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ස්ථාපිත කරන ලෙස ඉල්ලා පක්ෂ කිහිපයකින් තමන් වෙත ඉල්ලීම් ලැබී ඇති බවද කථානායකවරයා අදාළ ලිපියෙන් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්