තලවකැලේ නගරය ඉහළ කොත්මලේ ජලාශයට නාය යන ලකුණු

තලවකැලේ නගරය ඉහළ කොත්මලේ ජලාශයට නාය යන ලකුණු

තලවකැලේ වනිගසේකර පෙදෙස නගර සභා නිවාස ව්‍යාපෘතියේ ඉහළ කොත්මලේ ජලාශයට නායයාමේ අවධානමක් පවතින බව පවසමින් එම නිවාස යෝජනා ක්‍රමයේ  පදිංචිකරුවන්  පිරිසක් අද (20) උදැසන තලවකැලේ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.

ඉහළ කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි වනිගසේකර පෙදෙස පිහිටි ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි නොකිරිම නිසා මේ වනවිට එම ගම්මානයේ ස්ථාන කිහිපයකින්ම ජලාශයට නාය යාමට පටන්ගෙන ඇති බව එහි පදිංචිකරුවෝ සඳහන් කරති.

ඉහළ කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි ස්ථාන කිහිපයකට පමණක් ආරක්ෂක පැති බැමි ඉදි කර ඇතත් වනිගසේකර පෙදෙස නගර සභා නිවාස ව්‍යාපෘතිය ආසන්නයේ ජලාශ මායිමේ  ආරක්ෂිත පැති බැම්මක් ඉදි කරන ලෙස එවකට ව්‍යාපෘති භාරව සිටි අධ්‍යක්ෂකවරයාට අවස්තා කිහිපයකදි ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නත් එයට මේ වන තෙක් කිසිදු විසදුමක් ලබා දී නැතැයිද වාර්තා වේ.

එම නිවාස යෝජනා ක්‍රමයට මායිම්ව තලවකැලේ නගරය, තලවකැලේ පොලිසිය, මුස්ලිම් පල්ලිය හා ප්‍රථමික විද්‍යාලය පිහිටා ඇති අතර එම නිවාස යෝජනා ක්‍රමය නිවාස 85කින් සමන්විත වේ.

Facebook
Twitter
LinkedIn