ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (19) ජනාධිපතිවරයා වෙත බාරදී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

1978 අංක 4 දරන ශ්‍රී ලංකා අයෝජන මණ්ඩල පනතට අනුව එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මහජන බැංකුවෙ සහ ලංකා බැංකුවේ සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීමට ජනාධිපතිරයා තීරණය කර ඇති අතර එම නිලධාරීන් වෙත ලිඛිතව දන්වා ඇතැයිද පසුගියදා මාධ්‍යවල වාර්තා වූ නමුත් පසුව ආණ්ඩුවේම ඇමතිවරු සඳහන් කර සිටියේ එවැනි තීරණයක් ගෙන නැති බවය.

කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.

Facebook
Twitter
LinkedIn