ත්‍රස්ත ක්‍රියා චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු ලාංකික සිසුවා නිදහස්

ත්‍රස්ත ක්‍රියා චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු ලාංකික සිසුවා නිදහස්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා සැළසුම් සකස්කර ඇතැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමර් නිසාම්ඩීන් එම චෝදනාවලින් නිදහස් කර තිබේ.

පසුගිය අගෝස්තු මස 30 වැනිදා මොහොමඩ් කමර් නිසාම්ඩීන් ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ත්‍රස්ථ ප්‍රහාර එල්ල කිරීම සඳහා සැළසුම් සකස්කළ තොරතුරු ඇතුළත් වී ඇතැයි සැකකරමින් සටහන් පොත් කිහිපයක් ද අත්අඩංගුවට ගැනුණි. කෙසේ වෙතත් සටහන් පොතේ ඇති අත්අකුරු මොහොමඩ් නිසාම්ඩීන්ගේ අත්අකුරු සමඟ කිසිඳු ගැලපීමක් නැතැයි විශේෂඥ පරීක්ෂණ මගින් තහවුරුවීම හේතුවෙන් ඔහුට පසුගිය මාසයේ ඇප ලැබී තිබුණි.

පසුගිය 17 වැනිදා පැවති නඩුවිභාගයෙන් අනතුරුව ලද අධිකරණ තීන්දුවෙන් අනතුරුව ඔහුගේ නීතීඥවරයා පවසා තිබුණේ බලධාරීන් විසින් සිය සේවාදායකයා හට කර ඇත්තේ සමාව ලබා දිය නොහැකි වරදක් බවත් ඉදිරියේදී නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්