ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එන්නේ මර්ධනයටයි

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එන්නේ මර්ධනයටයි

වත්මන් ආණ්ඩුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගන්ති කිහිපයක් වෙනස් කොට නව පනතක් ලෙස නැවත වටයකින් ගෙන ඒමට යෝජනා කර තිබේ.

මේ වනවිට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේද අවධානය යොමු වී ඇත.

“ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම ඉදිරිපත් වෙන්නේ 1978දී. ඒ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ පනතට විරුද්ධත්වය ප‍්‍රකාශ කළා. මොකද ඒ වෙලාවෙත් මේක ගේන්නේ ආණ්ඩුවට එරෙහිව එන ජනතා විරෝධය මර්දනය කරන්න උපායක් විදියට. අපි විතරක් නෙවෙයි ඒ වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ පනතට විරුද්ධව පාරට බැස්සා. අදත් ආණ්ඩුව මේ පනත ගේන්නේ හොඳ අරමුණකින් නොවන බව විශ්වාවසයි” යැයි ටිල්වින් සිල්වා කියා සිටියේය.

“එක්සත් ජාතීන්ගේ සංවිධායේ මානව හිමිකම් සමුළුවට ආණ්ඩුව පොරොන්දුවක් වුණා මේක අහෝසි කරනවා කියලා. විශේෂයෙන් 2015 මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ පොරොන්දුවක් විදියට මේක තිබුණා. එක්සත් ජාතීන්ගේ බලපෑමට දැන් ආණ්ඩුව කරන්න යන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ මුල් පනතේ වගන්ති ටිකක් එහෙ මෙහෙ කරලා ඒ පනතම වෙන විදියකට ගේන්න.” යැයි විජිත හේරත් කියා සිටියේය.

“එක්සත් ජීතන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම කියනකල් ඉන්න ඕනද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න. මේ ආණ්ඩුව 2015 ඉඳලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අවශ්‍ය කරන පනත් එකක්වත් ගේන්න කටයුතු කළේ නැහැ. ඒවා මඟහැරියා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් උතුරේත් මර්දනය ගෙනාවා, දකුණෙත් මර්දනය ගෙනාවා. ඒ නිසා මේ පනත අහෝසි කරන්න ඕනෑ එකක්. අපි මේකට විරුද්ධය පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙන්න ඕනෑ.

සමහරු මේක ත‍්‍රස්තවාදී අර්ථයෙන් විග‍්‍රහ කරනවා. නමුත් ඇත්ත කතාව නම් මේක මර්දන පනතක් කියන එකයි.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්