රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත්වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍ය සහ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ අද (19) යළි විභාගයට ගෙන තිබේ.
එහිදී අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු කර ඇති අතර වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 11 වනදාට කල් තබා ඇත.
මොහුට මෙම නඩුව ගොනු කර තිබෙන්නේ 2004 වසර සහ 2006 වසර අතර කාලසීමාව තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 41.2ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙනි.
3










