සජින් වාස්ගේ නඩුවත් කල් යයි

සජින් වාස්ගේ නඩුවත් කල් යයි

මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 22 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කර තිබේ.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කිරීම සඳහා එහි කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියක් ඉදිරිපත් කර නොමැති බවට විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර ඇත.

ඒ අනුව නඩුව ජනවාරි මස 22 වනදා කැඳවීමට නියෝග කර ඇති අධිකරණය එදිනට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳව සලකා බලන බව කියා තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් එම සමාගමට ආම්පන්න මිලදී ගැනීමේදී රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

Facebook
Twitter
LinkedIn