මාවනැල්ලේ මෛත්‍රීගේ ආසන සංවිධායක රක්ෂිත බන්ධනාගාරයට

බලපත්‍ර රහිත ගිනිඅවි සහ පතොරම් තොගයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මොහොමඩ් ඉම්තියාස් කාදර් මහතා නොවැම්බර් 02වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (19) නියෝග කර තිබේ.

T56 ගිනි අවියක්, MT5 වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ 9MM වර්ගයේ උණ්ඩ 75ක්, T56 ජීව උණ්ඩ 30ක් හා SP උණ්ඩ 17ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (18) දහවල‍් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Facebook
Twitter
LinkedIn