විජයකලාට එරෙහි නඩුවත් කල් යයි

විජයකලාට එරෙහි නඩුවත් කල් යයි

ජාතිකත්වයන් මත පදනම්ව ජනතාව තුළ බෙදීමක් හට ගන්නා ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වන් මහත්මියට එරෙහි නඩුව ලබන දෙසැම්බර් 07 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19)  නියෝග කර තිබේ.

විජයකලා මහේෂ්වන් මහත්මිය අද අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මෙම නඩුව සම්බන්ධ නීතීපති උපදෙස් ගොනු නීතිපතිවරයාට ගොනු කර ඇති බැවින් නඩුව දෙසැම්බර් 07 වැනිදා කැඳවන ලෙස කළ ඉල්ලීමක් මත මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

Facebook
Twitter
LinkedIn