හිටපු නාවික හමුදාපති, ආරක්ෂ මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ අද (19) ප්‍රකාශ කර තිබේ.
රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාව ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.
පාසල් වයසේ පසුවන සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ නඩුව අද යළි අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
මීට අමතරව එම ළමුන් පැහැරගෙන යාම සඳහා භාවිතා කලායැයි පැවසෙ රථය පැවතියේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් භාරයේ යැයිද මේ වනවිට කරුණු අනාවරණය වී ඇතැයිද වාර්තා වේ.
10










