ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවට අයත් ඔබේසේකරපුර ක්‍රීඩාංගණයේ ක්‍රීඩාපිටියේ සංවර්ධන කටයුතු නිසි පරිදි සම්පූර්ණ කර නැති තත්වයක් යටතේ එම කොන්ත්‍රාත්කරුට රුපියල් මිලියන 32ක සම්පූර්ණ මුදල ගෙවීම සම්බන්ධයෙන් කෝට්ටේ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමට දිගින් දිගටම මහජන පෙත්සම් හා පැමිණිලි නිසා මේ සම්බන්ධයෙන් සොයාබලා එහි සැබෑ තත්වය අනාවරණය කර ගැනීමෙන් පසු නාගරික කොමසාරිස් හා ප්‍රධාන නාගරික ඉංජිනේරුවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
මෙහි පෙත්සම්කරුවන් ලෙස ජවිපෙ නාගරික මන්ත්‍රීවරුන් වන අරෝෂ අතපත්තු, අජිත් ධම්මික බණ්ඩාර යන මහත්වරුන් සහ ඉන්ද්‍රා මල්කාන්ති මහත්මියද කෝට්ටේ පාපන්දු ලීගයේ උප සභාපති හා ප්‍රදේශයේ පුරවැසියකුද සහභාගී වී තිබේ.











